පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් එළැඹෙන ජුනි 01 වැනිදා සිට ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණයවී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝධනය කර ඇති අතර විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000 ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
එසේම පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට මෙහිදී කාරක සභාව විසින් තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.