පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

පළාත් පාලන ආයතනවල සියලුම සභිකයින්ගේ නම් මැයි 30 දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත නම් කර යැවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්ද විමසීම අවසන් වී මේ වන විට දින 21ක් ගතව ඇතත්, තෝරා එවිය යුතු නියමිත සහික සංඛ්‍යාව මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නම් කර එවා නොමැති බවයි සඳහන් වෙන්නේ.

විෂයභාර අමාත්‍යවරයාගේ නියෝගයට අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර, තේරීපත් වූ සහ තෝරා එවා ඇති සභිකයන් ගැසට් පත්‍රයේ පළකල යුතු වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.