නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Vinston Peters සහ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නව රජය වෙත නවසීලන්ත රජයේ සහ ජනතාවගේ සුබපැතුම් පිරිනැමූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉතා ශක්තිමත් ලෙස තහවුරු කරගැනීම තම රජයේ අරමුණ බවයි සඳහන් කර ඇත්තේ.
නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනාත්මක වර්ධනය පිළිබඳ සතුට පළ කළ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කර ඇති අතර එමෙන්ම රට නිවැරදි දිශාවට ගෙන යාමේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක් කළ අතර, ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනයක් උදා කිරීමට එම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළකර තිබෙනවා.
මෙම පසුබිම තුළ නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
