කෙහෙල්බද්දර පද්මේ නමට ව්‍ය‍ාජ පාස්පොට් සැකසූ නිලධාරියෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන, ඩුබායි හි සැඟව සිටින ‍‍’කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම නිලධාරියා විසින් ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 03 ක් සකස් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.