උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බලා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි නිවේදනය කර තිබෙන්නේ.

දැනටමත් නැවත සමීක්ෂණය සඳහා අයඳුම් කර ඇති අයදුම්කරුවන්ට යළි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නි‍වේදනය පහතින්.