ඉන්දියාවේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009ක් මේ වනවිට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තාවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.