ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් මහරගමදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.