චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ – ටරාපාකා කලාපයේ රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් ඇති වී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය පොළව මට්ටමේ සිට කිලෝමීටර 103ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි