ගොකරැල්ල පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 01 පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය නිවේදනය කළේ.

පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේදී ගොකරැල්ල පොලිස් වසමේ ඉම්බාගමුව – මඩගල්ල මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදියකින් පැමිණි පුරුෂයෙක් හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමට යාමේදී සිදුවූ බහින්බස් වීමක් නිසා අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමට උත්සාහ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.