ගුරුවරු පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවක

මහජන දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාව‍යක නිරත වනවා.

ඒ අනුව, තමන් අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි අදාළ ගුරුවරුන් සඳහන් කරන්නේ.

සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙසත්, මෙම වසරේ මෙය කප්පාදු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.