මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුවද සත්‍ය වශයෙන්ම රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් මෙම වසරේ යොමුකර ඇති බවත් පවතින ගැටලුව විසඳීමට හැකි ක්‍රමය වන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඉක්මන් මිලදී ගැනීමක් ලෙස මාස තුනත් හයත් අතර ආරක්ෂිත තොගයක් ලබාදෙන ලෙස රජයට යෝජනා කර ඇති බවත් එය ඉතාමත්ම නීත්‍යානූකූල ආකාරයෙන් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.