මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. 

ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි. 

එසේ එක්වුණු පිරිස අතර ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය වෙනවා.