සමෘද්ධි නිවාස අරමුදල බිලියන තුන බහිරවයන් ගිලලාද ?

සමෘද්ධි වැඩසටහන ආරම්භයේදීම අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා සමෘද්ධි නිවාස අරමුදල නමින් අරමුදලක් ආරම්භ කරන ඇත.

මාසිකව සමෘද්ධි පවුලකින් රුපියල් සියය බැගින් බැරකරමින් ගොඩනගන ලද අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන තුනක මුදල් සංචිතයක් පැවතිය යුතුව ඇතැයි ගණන් බලා තිබේ.

ආරම්භයේදී නිවාස නොමැති සමෘද්ධි ප්‍රතිලාභින්ට නිවාස ආධාර ලබාදීම සඳහා අරමුදල භාවිත කළ ද ක්‍රමයෙන් වැඩසටහන අඩපණ වී 2022 වසරේ සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. වසර දෙකහමාරක් තුළ අක්‍රීයව පවතින අරමුදලේ පවතින රුපියල් බිලියන තුනක සංචිතයට මේ වනවිට කුමක් සිදුවී ඇද්ද යන්න ගැටළුවක් බව සේවකයෝ පවසති.

අන්ත දිළිඳු ජනතාවට ලැබෙන ප්‍රතිලාභයෙන් කොටසක් යළි අයකරගෙන ගොඩනගන ලද අරමුදලක් සක්‍රීය නොවී මෙසේ බහිරවයන්ට භාරදී තිබීම සැක සහිත බවත් අරමුදල මේ වනවිට පවතීද නැතිද යන්න ද ගැටළුකාරී බවත් ඔවුහු වැඩි දුරටත් ප්‍රකාශකර සිටිති.