රුසියාව විසින් වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්රේනයට මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඊයේ (24) රාත්‍රියේ එල්ල කර තිබෙනවා.
අදාළ ප්‍රහාරයෙන් එරට ළමයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ස්ථාන 22 ක් විනාශ වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට යුක්රේන අගනුවර වන කියෙව්හි සිදු වූ දරුණුතම ප්‍රහාරයකට දිනකට පසු එරටට එල්ල වූ දෙවන විශාලතම ප්‍රහාරය මෙයයි.