රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක සඳහන් කළේ, අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.
දුමින්ද දිසානායක මහතාව මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කළ පසුව ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.