තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු තිදෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ මැයි 29 දක්වායි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙම සැකකරුවන් ඊයේ දින මහරගමදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුවන් අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා