සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව ලඟදීම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – සුනිල් වටගල

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.