ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙන්, ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා යන දින දෙක සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම නිවාඩු දින දෙන වෙනුවට මැයි 26 සඳුදා සහ මැයි 27 අඟහරුවාදා දිනයන් හිදී එම පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා වන දෙවන වාරය 26 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතයි.








