යුරෝපයේ හා අරාබියේ රටවල් රැසකට අයත් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ නිල සංචාරයක නිරතව සිටියදී ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ජෙනින් කඳවුරේ සංචාරයක නිරතව ඇත්තේ බටහිර ඉවුරේ පදිංචිව සිටින පලස්තීනුවන්ගේ මානුෂීය තත්ත්වය සොයා බැලීමට බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීම සිදුවන විට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු රටවල් 20කට අයත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ජෙනින් කඳවුරේ සංචාරයට එක්වී සිටි බවද වාර්තා වේ. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ඊශ්‍රායලයෙන් එල්ල වූ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යන්තර අවධානය යොමුවී ඇත.
