බදුල්ලේ ගැටුම පාලනයට මැදිහත් වූ පුද්ගලයා සහ පොලිස් නිලධාරියා ඇගයීමට ලක් කෙරේ

පසුගියදා බදුල්ල නග‍රයේදී ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියා හා සිවිල් පුද්ගලයාව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.

බදුල්ල නගරයේදී පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙමින් සිටියදී එය නැවැත්වීම සඳහා තම ජීවිතය පරදුවට තබා සිවිල් පුද්ගලයෙක් හා පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබුණා.

ඒ අනුව මෙලෙස කටයුතු කර තිබුණේ, මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ  නියතු P.D.D. නිලන්ත යන අයයි.