නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි.
ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.
වින්ස්ටන් පීටර්ස් විසින් අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතා, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.