ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා යෞවන සමාජ 14,033 ක් පිහිටුවීමට නියමිතව ඇති බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ.
මෙරට තරුණ තරුණියන්ට රජය සමඟ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානය බවට මෙම යෞවන සමාජ පත් කරන බවත්, ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් ඔහු පවසා සිටියා.
දිවයින පුරා සිටින විවිධ දේශපාලන මත දරන, නායකත්වය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකි බවත්, ඒ තුළින් කලාව, සාහිත්‍යය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ විවිධ ක්ෂේත්‍ර තුළ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමේ අවකාශය පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.