හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු බවයි සඳහන් වෙන්නේ.
ඇමරිකානු විරෝධී, ත්‍රස්තවාදී හිතවාදී උද්ඝෝෂකයින්ට හාවඩ් විශ්ව විද්‍යාලය තුළ හිතවාදී පරිසරයක් නිර්මාණය කර ඇති බව එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් 20,000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන අතර, එහි විදේශීය සිසුන් 6,800ක් – එනම් හාවඩ් සිසුන්ගෙන් 25%කට වැඩි ප්‍රමාණයක් – අධ්‍යාපනය ලබන බව සඳහන්.
මෙම ක්‍රියාව හාවඩ් සිසුන්ට සහ රටට බරපතල හානියක් සිදු කරන බවත්, මෙමගින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලට හානියක් සිදුවන බවයි හාවඩ් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.