මැයි 25 ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

එළඹෙන 25 වැනි ඉරිදා දින කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඉරිදා (25) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සහ මොරටුව යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ