දුමින්ද දිසානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.