තේරී පත්වූ පළාත් පාලන සභිකයින්ගේ පළමු කොටස අද ගැසට් ‍කෙරේ

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද (23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක සඳහන් කළේ.

එසේම ලැයිස්තුවලින් තේරී පත්වූ සභිකයින්ගේ නම් මෙතෙක් භාර නොදුන් දේශාපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එම නම් කඩිනමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට භාර දීමට පියවර ගන්නා ලෙසයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙන්නේ.