චමින්ද විජේසිරි සජබ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.