ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වෙයි.
ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම ඊයේ (22) දින කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයේදී පැවැත්විණි.
එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන ජුනි 26 වැනි දින පෙරහැර ආරම්භ කර ජුලි 10 දක්වා පෙරහැර පවත්වා ජුලි 11 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ මංගල්‍යය සිදු පෙරහැර මංගල්‍යය අවසන් වන බවයි.
පාද වන්දනාව සඳහා පිවිසිමට කුමන හා යාල වන උද්‍යානය බැතිමතුන් සඳහා විවෘත කිරීම ජුනි 20 සිදු කරන බව වනජීවි නිළධාරින් මෙහිදී සඳහන් කළේය.