පොලී අනුපාතික අඩු කිරීමට මහ බැංකුව තීරණය කරයි

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

මීට පෙර එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 8.00% ක පැවතුනා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.