පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බවද එම බල මණ්ඩලය පවසා සිටියා.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබුණා.