ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ ඒකාබද්ධ කිරීමට පියවර ගන්නවා – අගමැතිනිය

ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ ඒකාබද්ධ කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව මේ සඳහා ශික්ෂණ ලාභීන් 2175 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර සහ වෙනත් පහසුකම් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.