O/L සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට සහ දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2024 (2025) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන මැයි 24 හා 25 යන දිනවලදී අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සිදුව ඇති සිසු සිසුවියන් සඳහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණය යන විභාග දෙකටම එකම දිනයන් හි පෙනි සිටීමට සිදුව ඇත්නම්, එම අයදුම්කරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් මැයි 27 වන දිනට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම මගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.