විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට ආරම්භ කෙරේ

විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ලබන ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබුණා.

කෙසේ නමුත්, යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.