රජය විසින් ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000ක ලුණු තොගයක් අද පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සඳහන් කළේ.
එම නිසා අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.