අමෙරිකාවේ වොෂින්ටන්හි ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ Washington DC නගරයේ කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම කෞතුකාගාරයේ පැවති උත්සවයකින් පසුව ඔවුන් ඉන් පිටව යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බවත්, 30 හැවිරිදි Elias Rodriguez නම් එම සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු පලස්තීන හිතවාදියෙක් බවයි පැවසෙන්නේ.