නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම  ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 22, 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන්දීය ජාතිකයා වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.