අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ලක්මාලි හේමචන්ද්‍රට

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්කර තිබෙනවා.

ඒ අනුව කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇය මෙම තනතුර සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජේසිරි බස්නායක, කන්දසාමි ප්‍රභු, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද අද මෙම කාරක සභා රැස්වීමට සහභාගි වුුුණා.