සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් 15ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඔවුන් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳව විමර්ශනය කරන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බවත්, ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කර සිටියේ.