EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ B කාඩ්පත් සංශෝධනය කිරීම ආදී කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

එම සේවා කටයුතුවලට අදාළ ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්.

සේවාවන් සඳහා කලින් වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් මැයි මස 23 වැනිදා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.