හැව්ලොක් නිවාස සංකිර්ණයේදී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම ගිනි අවිය සිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකාරියන් අවුරුදු 40 සහ 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්රදේශවල පදිංචිකාරියන් වන බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් දෙදෙනා අද (21) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
