නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම ධීවරයින් භාවිතා කළ නීති විරෝධී දැල් 117ක්, ඩිංගි යාත්‍රා 09ක්, මුහුදු කූඩැල්ලන් 3808ක්, අධි තාක්‍ෂණික ධීවර උපකරණ, නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ අධිබල විදුලි ආලෝක ධාරා උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මඩකලපුව කොටුවමඩ, ත්‍රිකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් ධීවර කටයුතුවල නිරත වී ඇති බව සඳහන්.
නාවික හමුදාව විසින් මැයි 10 වැනිදා දින සිට 19 වැනිදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ත්‍රීකුණාමලය, කෝඩ් බේ, මුලතිව්, මාමුනෛයි, පේදුරුතුඩුව සහ වාකරේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.