නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජුනි 27 වැනිදා කැඳවීමට නියෝග

ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අධිකරණයේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.