පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
ජුනි 10 වැනිදා දක්වා මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවද වැඩිදුරටත් සඳහන්.