ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට එරෙහිව ඇති මංකොල්ල නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද (20) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට ඔහුගේ කනිෂ්ට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව, නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 15 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී, ගිනි අවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර, එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස්, රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘හරක් කටා’ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.