තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම වාන් දොරටු දෙක අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.