සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) සිදුකළ ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ අනුව යුද්ධය සිදුකළේ කවුරුන් හෝ අල්ලා ගැනීමට නොව රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුම අතරතුර මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
රණවිරු සැමරුම ඉදිරියේදී පවත්වාවි ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද, එය තීරණය කරන්නේ පවතින රජයයන් විසින් බවද හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.
යුද්ධය යනු ඛේදවාචකයක් බව සත්‍ය බවත්, කෙසේනමුත් මෙරට හමුදාවන් එම යුද්ධය ජයග්‍රහණය කළ අතර යුද්ධයේදී එක් පාර්ශ්වයක් ජයගත යුතු බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.