අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රිංග්ස් නුවර පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් ආසන්නයේදී කාර් බෝම්බය පුපුරා ගොස් ඇති අතර, එය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නගරාධිපති රොන් ඩිහාටේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
බෝම්බ පිපිරීමෙන් එම ගොඩනැඟිල්ල අවට පිහිටි තවත් ගොඩනැඟිලි රැසකට ද හානි සිදුවී ඇති අතර, ප්‍රහාරයට හේතුව සහ ඊට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධව මෙතෙක් තොරතුරු හෙළි වී නැති නමුත්, මියගොස් ඇත්තේ ප්‍රහාරයේ සැකකරු බවට අමෙරිකාවේ මධ්‍යම බුද්ධි සේවය අනුමාන කර තිබේ. එම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බෝම්බ පිපිරීමෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර, සෙසු ගොඩනැඟිලිවලට ගින්න පැතිරීම පාලනය කිරීමට කැලිෆෝනියාවේ ගිනි නිවන ඒකකය සමත්වී ඇතැයි ද වාර්තා වේ.