විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ඉහළට

වසරේ ගතවූ කාල සීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යංශය පවසනවා.

ඒ අනුව, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන තුනක පුනරුත්ථාපනය කෙරෙන බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ඇති මධ්‍යස්ථාන 03 හි පුද්ගලයින් 1120ක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.