දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ අද (18) පෙරවරු 10.00 සිට හෙට(19) පෙරවරු 10.00 දක්වා වලංගුවන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙයි.