අද කෙටි දුම්රිය ගමන් පමණයි – දුම්රිය සාමාන්‍යාධිකාරී

අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

ඒ අනුව අද දිනයේ දුර ගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබුණු සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.